ජනපති අද නේපාලයට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිල සංචාරක් සඳහා අද (28) දිනයේ නේපාලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ලබන 30 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර ආරම්භ වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණ වේ.

බිම්ස්ටෙක් සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *