සූර්යා අද සිට ශ්‍රී ලංකාවට ළං වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සූර්යයා අද (28) සිට සැප්තැම්බර් 07වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

අද දින (28) දහවල් 12.11ට කලපූමී, කෝන්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

එසේම ඌව, නැ‍ෙඟෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වල අද සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *