ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් නිලවරණය පැවැත්වෙනතුරු එහි පරිපාලන කටයුතු සදහා පංච පුද්ගල කමිටුවක් පත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ අයි.සී.සී. බලධාරින් අතර ඩුබායිහි දී අද (30) පැවති සකච්ඡාවේදි මෙම උපදෙස් ලබා දී ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

එසේම මෙම කමීටුවේ කමිටුවේ ප්‍රධානියා ලෙස ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා පත කළ යුත් බවත් අයි.සී.සී ය මෙහිදි අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + 12 =