නේපාලයේ දී ජනපති හරසරින් පිළිගැනේ

(කොළඹ, ලංකාපුවත්) – බහුආංශික තාක්ෂණික හා ආර්ථීක සහයෝගීතාව සදහා ඛෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් ( BIMSTEC ) හතර වන රාජ්‍ය නායක සමුළුව සදහා සහභාගීවීමට නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (29) දහවල් කත්මණ්ඩු නුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

එහි දී ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවේ නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය Ishwar Pokhrel මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසිනි.

එරට රජයේ පූර්ණ හමුදා උත්තමාචාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු වූ අතර දෙරටේ ජාතික ගී ද වාදනය කෙරිණි.

ජනාධිපතිතුමා පැමිණෙන මග දෙපස දෙරටේම ජාතික ධජවලින් ද සරසා තිබුණේ දෙරට අතර හැට වසරක අතීත මිතුදම මැනවින් කියාපාමිනි.

මෙම පිළිගැනීමේ අවස්ථාවෙන් අනතුරුව ජනාධිපතිතුමා සමග නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සුහද කථා බහකට ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *