වැවක ඔරුවක් පෙරළී තරුණයින් දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – වාලච්චේන, පූනානි ප්‍රදේශයේ ජයන්තියාය වැවේ ඔරු පැදීමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පුද්ගලයින් සිව් දෙනෙකු ඊයේ(29) දහවල් වැවේ ඔරු පැදීමට ගොස් ඇති අතර ඔරුව පෙරළී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

පුද්ගලයින් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇති අතර දියේ ගිලී අතුරුදන් වූ අනෙක් තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කර ඥාථීන්ට භාර දී ඇති අතර වාලච්චේන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *