හිටපු හමුදාපති ජෙනරල් දළුවත්ත දැයෙන් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත හිටපු හමුදාපති, ජෙනරාල් රොහාන් දළුවත්ත මහතාගේ අවසන් කටයුතු හමුදා ගෞරව මධ්‍යයේ ඊයේ(29) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරුණි.

මියයන විට 77 වැනි වියේ පසු වූ ඒ මහතා, 1963 සිට 1998 දක්වා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළේය.

1996 සිට 1998 දක්වා යුද හමුදාපති ලෙස කටයුතු කළ දළුවත්ත මහතා, ත්‍රස්තවාදයට එරෙහිව “ජයසිකුරු“, “රිවි රැස“ ඇතුළු මෙහෙයුම් රැසකට නායකත්වය ලබාදුන්නේය. කලක් ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද ක්‍රියා කරන ලදි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ලෙසත්, මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙසත් ඒ මහතා කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *