ලාංකික තරුණයෙක් සිඩ්නි නගරයේදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සිඩ්නි නගරයේදී 25 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා මත ඊයේ (30)පස්වරුවේ මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කෙන්සිංටන් ප්‍රදේශයේ පදිංචි සිඩ්නි විශ්වවිද්‍යාලයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් බව සදහන් ය. මොහොමඩ් නිසාම්ඩීන් නැමැති තරුණයෙකුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයාගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය ලබන මාසයේ කල් ඉකුත් වීමට ඇති බවත් මීට පෙර කිසිදු වැරදි ක්‍රියාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසියට මොහු පිළිබඳ වාර්තා වී නොමැති බවත් සදහන් වේ.

මොහු සන්තකයේ තිබී ත්‍රස්ත පහර දීමක් සදහා භාවිත කිරීමට සූදානම් වූ ලියවිල්ලක් ද හමුව තිබේ.

එම ලේඛන මත පදනම්ව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් මෙම තරුණය අයිඑස් අයිඑස් ත්‍රස්තයින් සමඟ සම්බන්ධ බවට සැක කර ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =