සුරාබදු වැටලීම්වල දී නඩු පැවරීම සදහා පොලීසියට බලය

(කොළඹ, ලංකාපුවත්) – සුරාබදු වැටලීම්වලදී නඩු පැවරීමේ අයිතිය පොලීසියට ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද(31)නියෝගයක් ලබා දී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ලබා දුන් නඩු තීන්දුවක් මඟින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක 9345/02/14 යටතේ විවාදයට ගැණුනු වැල්ලම්පිටිය පොලීසිය විසින් පවරන ලද නීති විරෝධි මත්පැන් සම්බන්ධ නඩුවක දී අද දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම නඩුවේ විත්තිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතා පෙනී සිට ඇති අතර, පැමිණිකාර පාර්ශවය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පෙනී සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *