කෝටි 15 ක රත්‍රං සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අද(31) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනූව වැටලීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. මෙහිදී සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියන් ජාතිකයෙකු වන ඔහු, ඩුබායි සිට මෙරටට පැමිණි අයෙකි.

ඔහුගේ පපු ප්‍රදේශයේ සහ උදර ප්‍රදේශයේ රත්‍රං තොගය සඟවා ගෙන පැමිණි බව සදහන් වේ. වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරු රේගු නිලධාරීන්ට බාර දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *