අමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් රොඩ්නි

(කොළඹ, ලංකාපුවත්) – වසරකට වැඩි කාලයක් පුරප්පාඩුව පැවති අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියකු වන රොඩ්නි පෙරේරා මහතා පත්කර තිබේ.

ඔහු මෙයට පෙර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය. ඔහු අමෙරිකාවට පත්වීමෙන් පුරප්පාඩු වන බ්‍රසල්ස් තානාපති ධුරයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වන ග්‍රේස් ආශිර්වාදම් මහත්මිය පත්කර තිබේ.

මෙම නව පත්වීම් දෙක ලබන ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වන බව විදේශ අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *