නව ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයා ද වන හේමසිරි ප්‍රනාන්දු මහතා පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීනයකි.

හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලේකම්වරයා හා තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිඛෙන හේමසිරි ප්‍රනාන්දු මහතා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සභාපතිවරයා වශයෙන් ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − nine =