ව්‍යාජ නෝට්ටු 13ක් සමග පිටකොටුවේදී අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පිටකොටුව බැස්ටියන් මාවතේ දී රුපියල් 5000ක ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමග සැකකරුවෙකු අද(03) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

39 හැවිරිදි ඔහු අම්පාර, ඉරක්කාමම් ප්‍රදේශයේ පදිංචි අබ්දුල් ලතීෆ් නිසාර් නමැති පුද්ගලයෙකි.

සැකකරු විසින් රු.5000 නෝට්ටුවක් බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී බස් රථ කොන්දොස්තරවරයෙකුගෙන් මාරු කර දෙන ලෙසට ඉල්ලීමක් කර තිබේ. එම අවස්ථාවේදී නෝට්ටුව සම්බන්ධයෙන් කොන්දොස්තරවරාට සැක සිතී පිටකොටුව පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබේ.

අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =