වැටුප් කොමිසම අද සිට වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරැදි කිරීම සහ රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටළු නිවැරැදි කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කොමිසම සිය රාජකාරී කටයුතු අද(03) සිට ආරම්භ කිරීමට නියමිතය.

කොළඹ මළලසේකර මාවතේ පිහිටි ශ්‍රී ලංකා පරිපාලන ආයතන ගොඩනැගිල්ලේ සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මේ මස අවසානයේ දී එම කොමිසම විසින් මූලික වාර්තාවක් ජනාධිපතිතුමා වෙත බාරදීමට නියමිතය.

සමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරන අතර ලේකම් ධූරය සදහා එච්.ජී. සුමනසිංහ මහතා පත් කර තිබේ.

අගෝස්තු 20 වනදා සිට මාස 02ක කාලයක් සඳහා මෙම කොමිසම පත් කර ඇත. එම කාලය තුළ රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව විසදීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *