දරු සෙනෙහස නිසා තරග දෙකක් අතහරින අකිල ධනංජය

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ විමට නියමිත අසියානු කුසලාන තරගාවලියේ පළමු තරග කිහිපයක් බොහෝ දුරට අහිමී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සදහන් කරනු ලැබේ.

ඊට හේතුව වී ඇත්තේ ඔහුගේ බිරිඳ පළමු දරු ප්‍රසූතිය සදහා මේ දිනවල සූදානම් වීම හේතුවෙනි. දරු ප්‍රසූතිය සදහා සැප්තැම්බර් 15වනදා සිට 17වනදා අතර කාලය සීමාව ලබා දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අසියානු කුසලාන තරගාවලියේ පළමු තරග දෙක බොහෝ දුරට ඔහුට අහිමි වනු ඇති බව සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *