(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික රංගිරි දඹුලූ විහාරයේ දී රාජාභිෂේකත්වය ලැබු ගොන්ගාලේ ගොඩ බණ්ඩා ගිමන් හැරියැයි සැලකෙන නාඋල පිහිටි ඉපැරණි නුග රුක්ෂය මේ වන විට විවිධ හේතුන් රැසක් නිසා විනාශවීමේ අවධානමකට ලක්ව ඇතැයි ප්රදේශවාසීහූ පවසති.
මේ සුවිසල් නුගරුකේ වයස පිළිබඳව පවා කාල නිර්ණය කළ නොහැකි බව පවසන නාඋල පැරැන්නන් සඳහන් කරනුයේ අතීතයේ විහාරස්ථානයක් නුග රූක්ෂයට යාබදව පැවති බවයි.
ප්රදේශයේ බොහෝ පිරිසක් සිය ආගමික වතාවත් සඳහා ද මෙම ස්ථානය භාවිත කර තිබේ.
වර්තමානය වන විට විනාශයට පත්වෙමින් පවතින මේ ඓතිහාසික නුග රුක්ෂය පිළිබඳ නව පරපුරේ නොදන්නා කම හෝ සංරක්ෂණය සඳහා බලධාරීන් ක්රිරයාත්මක නොවීම හේතවෙන් අද වන විට නුග රුක විනාශ වීමේ අවධානමට ලක්ව ඇත.
නුග රුක්ෂයේ ඇතැම් කොටස් මේ වන විට දිරාපත් වෙමින් පවතියි.
හාත්පස වල් බිහිවී ඇති නුග රුක්ෂය ආසන්නයේ කුඩාවට සෑදු දේවාලයක් ද අදටත් දක්නට ලැබේ.
ඉදහිට හෝ ප්රතදේශයේ විවිධ පුද්ගලයින් විසින් බාර හාර වීම සඳහා මෙම නුග රුක්ෂය භාවිත කරති.
ඕනෑම වියළි කාලගුණික තත්ත්වයක ඔරොත්තු දෙන ලෙස ස්වභාවික වැසි ආවරණ සහිතව පවතින නුග රුක්ෂය අදටත් ඒ නවය මාර්ගයේ දී නාඋල පසුකරන්නෙකුට දැකගත හැකිය.
අතීතයේ බොහෝ සිදුවීම වලට සාක්ෂි සපයන මෙම නුග රුක්ෂය ආශ්රිත තව ලක්ෂ ගණන් පක්ෂින් ජීවත්වීම ද විශේෂත්වයකි.
නුග රුක්ෂයේ හටගන්නා ගෙඩි අනුභව කරමින් ජීවිත්වන විවිධ පක්ෂි වර්ග මෙන්ම ජීවින් රැසක් අදටත් මෙහි දක්නට ලැබේ.
කාලයේ වැලිතලාවෙන් වැසියන අතිතයේ ගොන්ගාලේ ගොඩබණ්ඩා ගිමන් හරින ලද ස්ථානය ලෙස සැලකෙන මෙම නුග රුක්ෂය මතු පරපුර සඳහා ආරක්ෂා කරන ලෙස ප්රදේශවාසි විද්වත්තුහු රජයෙන් ඉල්ලා සිටිති.