ජනපති යළි දිවයිනට – ජනපති මෛත්‍රී ජන්ම දිනය අද

(කොළඹ, ලංකාපුවත්) –නේපාලයේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (02) රාත්‍රීයේ 10.20ට පමණ ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.

රතු පලස් මතින් ගුවන්තොටුපල අති විශේෂ අමුත්තන්ගේ මැදිරි පරිශ්‍රයට කැඳවාගෙන එනු ලැබූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනිම සදහා මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්ව ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට සෙත් පතා එහිදී සර්ව ආගමික වතාවත් ද සිදු කර තිබුණි.

නේපාලයේදී සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉදිරි වසර සදහා එහි සභාපතීත්වයෙන් පිදුම් ලැබුවාය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජන්ම දිනය අදට (03) යෙදී තිබේ. ජනපති ජන්ම දිනය සමරා අද දිවයින පුරා විවිධ ආශීර්වාද පින්කම් රැසක්ද පැවැත්වේ.

සාමාන්‍ය සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලැබ විවිධ නිලතල හා තනතුරු හොබවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්තරීතර සභාපති තනතුරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හය වැනි විධායක ජනාධිපතිවරයා ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *