බිබිල සිට චෙන්කලාඩි දක්වා සංවර්ධන කටයුතු ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –බදුල්ල – චෙන්කලාඩි මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා සංවර්ධන කටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් ඊයේ(02) සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඒ. එල්. ඒ. එම්. හිස්බුල්ලා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, ශ්‍රී ලංකාවේ සෞදි ආරාබියාවේ තානාපති අබ්දුල් නසාර් (Abdullah Nasar)යන මහත්වරු ඇතුළු දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *