නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් පරීක්ෂාවට mobile app එකක්

(කොළඹ, ලංකාපුවත්) –සියලු රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් පරීක්ෂාව සඳහා ජංගම දුරකථන යෙදුමක් (mobile app) හඳුන්වාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදීන්ගේ සංගමයේ සාමාජික, වෛද්‍ය නිශාන්ත සිරිවර්ධන මහතා සදහන් කළේය.

ඒ අනුව රෝගීන්ගේ තොරතුරු ලේඛනගත කරනු වෙනුවට මෙම ජංගම දුරකථන යෙදුම හරහා යාවත්කාලීන කිරීමට හැකියාව ලැබෙනු ඇත.

වෛද්‍ය නිශාන්ත සිරිවර්ධන මහතා මේ බව සදහන්කර සිටියේ ඩිජිටල් සෞඛ්‍ය සතිය පිළිබඳ දැනුම්දීමට ඊයේ (03) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලේ මෙම යෙදුම භාවිත කරන අතර, පළමු අදියරේදී දිවයින පුරා පිහිටි සියලුම ශික්ෂණ රෝහල් වෙත මෙම ජංගම දුරකථන යෙදුම (mobile app) හඳුන්වා දීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − ten =