බදුල්ල වෙඩි බෙහෙත් ගබඩා සංකීර්ණය අසළ ප්‍රදේශයක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – බදුල්ල පොලිස් වසමේ වෙඩි බෙහෙත් ගබඩා සංකීර්ණය අවට ප්‍රදේශයේ කැලෑබද කොටසේ ඊයේ(03) උදෑසන හදිසි ගින්නක් හට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, බදුල්ල නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්‍ ක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.

ගින්න හේතුතවෙන් ජීවිත හානි හෝ තුවාල වීම් කිසිවක් සිදුව නොමැති අතර අක්කර 20ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව සදහන් වේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *