ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලි කාල සටහන නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාල සටහන නිකුත්ව තිබේ.

මෙම තරග සංචාරයට අදාළව එක්දින තරග 05 ක්, එක් විස්සයි – 20 තරගයක් හා ටෙස්ට් තරග 03 ක් පැවැත්වීමට නියමිතය.

ඔක්තොම්බර් මස 05 වැනිදා පුහුණු තරගයකින් ආරම්භ වන මෙම තරග සංචාරය නොවැම්බර් 23 වැනිදා අවසන් වේ.

ඒ අනුව ඔක්තොම්බර් 05 වැනිදා සහ ඔක්තොම්බර් 06 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි එක්දින පුහුණූ තරග 03 ක් පැවැත්වීමට නියමීතව තිබේ.

තරග 05 කින් යුත් එක්දින තරගාවලිය යටතේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ඔක්තොම්බර් 10 වැනිදා (දිවා/රාත්‍රී) සහ ඔක්තොම්බර් 13 වැනිදා (දිවා) තරග දෙකක් පැවැත්වේ.

එසේම පල්ළේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි ඔක්තොම්බර් 17 වැනිදා (දිවා/රාත්‍රී) හා ඔක්තොම්බර් 20 වැනිදා (දිවා) එක්දින තරග දෙකක් පැවැත්විමට නියමිතය.

අවසන් එක්දින තරගය ඔක්තොම්බර් 23 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්විමට නියමිතය.

මෙම තරග සංචාරයට අදාළ විස්සයි – 20 තරගය ඔක්තොම්බර් 27 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.

එසේම ඔක්තොම්බර් 30-31 දක්වා දෙදින පුහුණූ තරගයක් හා නොවැම්බර් 01-02 දක්වා දෙවැනි දෙදින පුහුණ තරගයක් පැවැත්විමට නියමිතය.

එසේම තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොවැම්බර් 14 වැනිදා සිට 18 වැනිදා දක්වා පල්ළේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.

දෙරට අතර අවසන් හා තෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 23 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *