ව්‍යවසායකයින් 249 දෙනෙක් “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා – තුරුණු දිරිය” සඳහා උතුරුමැද පළාතෙන් සුදුසුකම් සපුරයි

(කොළඹ, ලංකාපුවත්) –ව්‍යවසායකයින් 249 දෙනෙක් “තුරුණු දිරිය” ණය ලබා ගැනීම සඳහා උතුරුමැද පළාතින් සුදුසුකම් ලබා තිබේ.

උතුරු මැද පළාතේ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව අනාවරණය විය. මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම අගෝස්තු 31 වෙනි දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, ආර්.ඒම්. වන්නිනායක මහතාගේ ද සහභාගිත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මීට අමතරව, මේ වන විට උතුරු මැද පළාතේ තරුණ ව්‍යවසායකයින් 7 දෙනෙක්

“තුරුණු දිරිය” ණය ලබා ගෙන ඇති අතර, තවත් ව්‍යවසායකයින් 73 දෙනෙක් සඳහා ණය ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපාර සැලසුම් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සකසා ලංකා බැංකුව වෙත භාර දී ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමණාකරණ ඒකකය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ලංකා බැංකුව, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ අනුරාධපුර හා පොළොන්නරුවේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා සහභාගී විය.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය&ඣුඔට්;ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමඟින් වයස අවුරුදු 40ට අඩු උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි තරුණ ව්‍යවසායකයින් සඳහා ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇපකරුවන් සහිතව ණය පහසුකම් ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *