දිස්ත්‍රික්ක14 ක සුනාමි පෙරහුරුවක් අද

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි අද (05) පෙරවරු 8.30 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය ප්‍රකාශ කර සිටින්නේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77 මේ යටතේ ක්‍රියාත්මක බැවින් ඒ පිළිබදව ජනතාව කිසිදු බියක් ඇති නොකර ගත යුතු බවයි.

සුනාමි ආපදා අවස්ථාවකට මුහුණදීම සඳහා කලාපීය රටවල් සූදානම් කරවීමේ අරමුණින් ලෝකයේ රටවල් 28ක පවත්වන සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ශ්‍රී ලංකාවේ ද දිස්ත‍්‍රික්ක තුනකට අයත් ග‍්‍රාම නිලධාරී වසම් 6 කදී අද පෙරවරු 8.30ට පමණ පැවැත්වීමට නියමිතය.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ හික්කඩුව, අම්පාර දිස්ත‍්‍රික්කයේ නින්තවූර් සහ මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ග‍්‍රාම නිලධාරී වසම් දෙක බැගින් තෝරාගෙන මෙම පෙරහුරුව පවත්වනු ඇත.

සුනාමි ආපදාවක් ඇතිවුවහොත් සිදුවිය හැකි හානි අවම කිරීම මෙහි අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *