අළුත් තරුණ පරපුරට රට බාර දිය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රටේ ඊළඟ පරම්පරාවට ණය බර තියෙන ආර්ථිකයක් නොව ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් හදන්නය ඉලක්ක කළ බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළා බවත් අළුත් තරුණ පරපුරට රට බාර දිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන්කළේ, අද (06) සිරිකොත දී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය දී පැමිණ සිටි පිරිස අමතමිනි.

අගමැතිවරයා මෙලෙස එහිදී අදහස් පළ කළා.

සංවත්සරය කල්දමන්නද කියලා ඇසුවා. මම ඇසුවා ඇයි? කල් දමන්නේ කියලා. පොහොට්ටුව බලවත් කියලා කිව්වා. මාම කිව්වා,අපි අපේ වැඩෙ කරමු කියලා. අද පොහොට්ටුවේ ජන බලයත් නෑ. මාධ්‍යයේ පච බලයත් නෑ. එක්සත් ජාතික පක්ෂයයි 72 සංවත්සරයයි දැන්ඉතිරි වෙලා තිබෙන්නේ. මාධ්‍යයෙන් මේ පක්ෂය නැති කරන්න බෑ.මෙහි නායකයන්ට හා පාක්ෂිකයන්ට ස්තූතිය පල කරනවා.ඩී.එස් සේනානායක මැතිතුමා, ඩඩ්ලි සේනානායක මැතිතුමා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, කොතලාවල මැතිතුමා, ඩී.බී විජේතුංග මැතිතුමා,ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ පක්ෂයට නයකත්වය දුන්නා. පක්ෂවලින් කීයක් ද පාර්ලිමේන්තුවේ ඉතිරි වෙලා තියෙන්නේ. පක්ෂයේ සාමාජිකයෙක් වීම ගැන ආඩම්බර වෙනවා. අපි ඉදිරියට යමු.

අපි 2015 ආණ්ඩු බලය ගත්තා. ජතික ආණ්ඩුවක් හැටියට. මේ රටේ ප්‍රශ්න විසඳන්න. මොකක්ඩහ් බාර ගත්තේ.බාර ගත්ත කුඹුරු ගැන කියන්න වැඩක් නෑ. ණය වෙලා. පරණ කෙනා පැනලා ගියා. අවුරුදු ගණනක් වගා කර
තිබුණේ නෑ.

ණය ගත් බැංකුවලට මුහුණ දුන්නා. ගංවතුරට මුහුණ දුන්නා. අස්වැන්න එනකම් ඉදලා,අපි අස්වැන්න නෙළමු.අමාරු කාලයක අපි බර ගත්තේ.විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර වැඩි කළා. පරිගණක ලබාදුන්නා. හොඳම පාසල ළඟම පාසල් යටතේ පාසල් 9000කට ගොඩනැගිලි ලබා දුන්නා. විදුහල්පති ඇබැර්තු 4000ක් පිරෙව්වා. ඖෂධ මිල අඩු කළා. සුව සැරිය පටන් හත්තා. රාජ්‍ය සේවක පඩිය වැඩි කළා. තෙල් මිල අඩු කළා.අපි කාන්තා නියෝජනය ලබදුන්නා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. අපි අමාරු කාලයක ආවේ.

ජනාධිපතිවරණය වසර දෙකකට කලින් තියන්න කිව්වේ අපි නොවේ. උද්ඝෝෂණයක් කරන්න බැරි අය රට කරන්නේ කොහොමද? අපි මහාමාර්ග ආරම්භ කළා. හම්බන්තොට එදා සුදු අලියෙක්.අද එය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළා. මත්තල ගුවන්තොටුපල සාර්ථක කරනවා. අමාරු තීරණ ගන්න වුණා. වැට් වැඩි වුණා.හැම දේම කළේ රට වෙනුවෙන්. ඊළඟ පරම්පරාවට ණය බර තියෙන ආර්ථිකයක් නොවේ ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් හදන්නයි ඉලක්ක කළේ.ගම්පෙරළිය ආරම්භ කළා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආරම්භ කළා.රැකිය දෙන්න පටන් ගත්තා. ක්‍රමානුකූලව පටන් ගමු. ස්ථාවරභාවයක් අරගෙන ඉදිරියට යන්න තිබුණා. ප්‍රශ්න ඔක්කොටම මුහුණ දීලා ඉදිරියට යන්නේ. 2025 පසුවත් ඉදිරියට යනවා. පක්ෂය අලුතෙන් හදනවා.පක්ෂය ඉදිරියට යනවා. අපි ගමට යා යුතුයි.අපිට ඈත් වෙලා ඉන්න අය කතා කරලා අපි ළඟට ගනිමු.අළුත් තරුණ පරපුරට රට බාර දිය යුතුයි.පක්ෂයේ ඊළඟ නායක පරපුර හදාගෙන යනවා.ඒ අය මේක හදන්න ඕන.අපි එක්සත්ව ගමන යන්න ඕන. අපි ඔක්කොම එකතු වෙමුයැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය

මේ අවස්ථාවට පූජ්‍ය මහා සංඝරත්නය, මැති ඇමැතිවරු,තනාපතිවරු, ඇතුළු විශාල ජනතාවක් සහභාගී වී සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *