‘ජනබලය කොළඹට’ අසාර්ථක බව එජාපය කියයි

(කොළඹ, ලංකාපුවත්) –ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (05) පැවැත්වූ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය අතිශය අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.

ඊයේ රාත්‍රියේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කියා සිටියේ ජනතාව සහ ව්‍යාපාරිකයින් මින් පීඩාවට පත්වූ බවයි.

මේ අතර විරෝධතාව අතරතුර හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

39 හැවිරිදි මොහු හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේ ඊයේ කොළඹ නගරය තුළදී කිසිදු කලහකාරී සිදුවීමක් වාර්තා වී නොමැති බවය.

පාගමන එක් වූ පිරිස්වලින් කිසිදු කඩා කප්පල්කාරී ක්‍රියාවක් සිදුවූ බවට වාර්තා වී නොමැති බවත් එහෙත් ලේක් හවුස් වටරවුම හා අවට ප්‍රදේශවල වාහන ගමනාගමනයට යම් බාධා සිදු වූ බවත් ඒ මහතා පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − five =