එජාප 72වන සංවත්සරය අද සිරිකොතදී

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අදට(06) යෙදී තිබේ. ඒ, “වැඩකරන, වැඩ කරපු 72“ තේමාවෙනි. සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ය.

සංවත්සර උළෙල පැවැත්වෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

රාජ්‍ය නායකත්වය නොමැති වුවද, එක්සත් ජාතික පක්‍ෂය දිගුකලක් තිස්සේ ඉතා ශක්තිමත්ව ඉදිරියට පැමිණ ඇති බව, පක්‍ෂ යේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසවි. එහිදී, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්‍ෂිත කිරීමේ කාර්ය භාරය කැපී පෙනෙන බවයි, අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, පක්‍ෂ මූලස්ථානයේ දී අද උදෑසන 9.30ට පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *