උතුරු මහ ඇමති අධිකරණයට එයි

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ අද (07) පෙනී සිටියේය.

ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු තුන් දෙනෙකු අභියාචනාධිකරණයේ පෙනී සිටියේය.

ඔවුන්ට ලබන 18 වනදා යළි පෙනී සිටින ලෙස නියෝග කෙරුණි.

උතුරු පළාත් සභා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බී ඩෙනීෂ්වරන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට මහ ඇමතිවරයා කටයුතු කර තිබුණි. එම තීරණය වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත්කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් වූ බවටයි මෙම නඩුව පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =