උතුරේ කෘෂිකාර්මික කටයුතු නගාසිටුවීමට ඕස්ට්‍රේලියාවෙන් ආධාර

(කොළඹ, ලංකාපුවත්) –උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රේස් හච්චින්සන් මහතා අතර හමුවක් යාපනයේදී සිදුවිය. ඒ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සදහා ය.

උතුරේ කෘෂිකාර්මික කටයුතු නගාසිටුවීම සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබාදෙන බව ඕස්ට්‍රේලියා මහකොමසාරිස්වරයා මෙහිදී කියාසිටියේය. ඕස්ට්‍රේලියා රජය උතුරේ සංවර්ධනයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන බවත් ඒ අතර බිම්බෝම්බ ඉවත් කිරීමට නවීණ තාක්ෂණය සහිත වැඩපිළිවෙළක් ද සකස්කර ඇති බවත් ප්‍රකාශ කෙරුණි.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියා රජය ලබාදෙන ආධාර නිසි ආකාරයෙන් ජනතා සුබසාධනය සදහා යොදවන බවයි.

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එල් ඉලංගෝවන් මහතා සහ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + eleven =