ඒකාබද්ධ විරෝධතාවේදී ජගත් මිය ගිය හේතුව

(කොළඹ, ලංකාපුවත්) – 39 හැවිරිදි ජගත් විමලසූරිය මහතා වෘත්තිය වශයෙන් සිදුකළේ කොන්දොස්තර රැකියාවයි. ඔහු දරුවන් තුන්දෙනෙකුගේ පියෙකි. බිරිඳ ද විදෙස්ගතවී ඇත්තේ පවුලේ තිබූ අගහිඟකම් නිසාම ය.

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවට සහභාගි වීම සඳහා පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් සමග ජගත් විමලසූරිය මහතා කොළඹට ආවේ හැටන් ප්‍රදේශයේ සිට යි.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ෂැංග්‍රිලා, හිල්ටන් සහ ටාජ් සමුද්‍රා යන තරු පහේ හෝටල් වලින් පැමිණ විරෝධතාවට එක්වද්දී දුරුකතර ගෙවාගෙන සාමාන්‍ය ජනතාව රැළියට එක්වූයේ දැඩි පීඩාවෙනි. මෙලෙස රැළියට එක්වූ ජගත් විමලසූරිය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පැමිණි බසයේදීම තම ජීවිතයට සමුදුන්නේය.

ජගත් විමලසූරිය මහතා මියගොස් ඇත්තේ හෘදයාබාධයක් ඇතිවීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත.

මේ වනතුරුත් ඒකාබද්ධයේ නායකයින් තම සගයාට සිදුවූ මෙම විපත්තිය දෙස දෑස් හැර බලා නැතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 5 =