ජල පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යළි ඉල්ලීමක් කරනු ලැබේ. එහි සභාපති කේ ඒ අන්සාර් මහතා පැවසුවේ පවතින වියළි කාලගුණය නිසා මේ දිනවල ජල පරිභෝජනය වැඩිවී ඇති බවයි.

ඇතැම් ප‍්‍රදේශවලට ජලය අඛණ්ඩව සැපයීමද දුෂ්කර වී ඇතැයි ද සදහන් වේ.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් රටට යහපතක් වනවා සේම ඔබේ බිල්පතද අඩුකර ගත හැකිය.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දිනවල දී වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම අද(07) දහවල් 12.08 බූස්ස, අක්මීමන, අකුරැස්ස,කඹුරුපිටිය, හක්මන සහ දෙනගම යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =