රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින 07 දෙනාට සහනයක් ලබාදීම පිළිබඳ වගකීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (06) තමිල්නාඩු ආණ්ඩුකාරවරයා වෙත පවරා ඇත.

ඒ එලෙස සිරදඬුවම් විඳින පෙරාරිවාලන් නමැත්තා විසින් 2015 වසරේ ගොනුකළ පෙත්සමක් පිලිබඳ තීන්දුව ලබාදෙමින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී ඔවුන් නිදහස් කිරීම හෝ වෙනත් සහනයක් ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පෙරාරිවාලන් 1990 වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ රජිව් ඝාතනය පිළිබඳ කුමන්ත්‍රණය කළ බව තහවුරු වී ඇති බවය ඉන්දීය ඔත්තු සේවා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත.

කෙසේ වෙතත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ රජිව් ඝාතකයන්ට කිසියම් සහනයක් ලබාදිය හැකිද යන්න තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට සලකා බැලිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *