පාකිස්තානයේ 13 වන ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානයේ 13 වන ජනාධිපතිවරයා ලෙස අරීෆ් අල්වි දිවුරුම් දී ඇත.

පාකිස්තාන අගවිනිසුරු සකීබ් නිසාර් ඉදිරියේ මෙලෙස නව ජනාධිපතිවරයා දිවුරුම් ඊයේ(09) සිදු විය.

පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ මැතිඇමතිවරුන් ද හමුදා ප්‍රධානීන් මෙන්ම චීනය හා සෞදි රටවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ද දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී සිටිය හ.

පී ටී අයි පක්‍ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ අරිෆ් අල්වි ජනාධිපති ධුරයසදහා තෝරා ගනු ලැබුවේ පසුගිය 04 වනදායි.

පී එම් එල් එන් පක්‍ෂය නියෝජනය කළ මම්නූන් හුසේන් ජනාධිපතිවරයාගෙන් අනතුරුව ඔහු මෙම ධුරය සදහා පත් විය. අරිෆ් අල්වි පාකිස්තානයේ රාජ්‍ය රූපවාහිනී ආයතනය වන පී ටී වී ආයතනයට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන චූදිතයෙකු ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 9 =