පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –පුත්තලම ප්‍රාද්ශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද(10) උදෑසන ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

2010 ජනවාරි මස 16 වන දින පුත්තලම, මදුරන්කුලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සභාපතිවරයාට නඩුවක් පවතින බවත්, එම හේතුවෙන් විදෙස් ගමන් තහනම් කරමින් පුත්තලම, මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් අධිකරණ තීන්දුව නොසලකා හරිමින් හෙතෙම මෙලෙස රටින් පිටව යෑමට උත්සාහ කිරීමේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *