පුරාවස්තු කැණීම් කළ 07කට මාංචු

(කොළඹ, ලංකාපුවත්) –ඌරුබොක්ක පොලිස් වසමේ මැකිලියතැන්න, උමංදොල ප්‍රදේශයේ දී පුරාවස්තු සෙවීමේ අරමුණෙන් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඌරුබොක්ක පොලිස් නිලධාරීන් හා කොටපොළ විශේෂ කාර්යා බලකා නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. කැණීම් කිරීමට උපයෝගී කරගත් විදුලි ජනක යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් ද පොලිස් බාරයට ගැනුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 22,32, 41, 42, 43, 51 හා 53 වයස් සීමාවල පසුවන ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට අද(10) ඉදිරිපත් කිරීමට නියමිතය. ඌරුබොක්ක පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ෂන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 7 =