(කොළඹ, ලංකාපුවත්) –මැලේරියාව පතුරුවන මදුරු විශේෂයක් යළිත් මෙරටින් හමුවී ඇත.
රෝගය වැළඳුණු සිව් දෙනෙකු කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ශ්‍රී ලංකාව, මැලේරියාව මුළුමනින්ම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබුවේ, 2010 වසරේදී ය. එහෙත්, රෝගකාරක මදුරුවන් විශේෂය යළි හමුවී ඇත්තේ මන්නාරම, වවුනියාව සහ කුරුණෑගල ප්‍රදේශවලින් ය.
ඇනෝෆීලිස් කියුලිසිෆේසිස් ලෙස හැඳින්වෙන එම මදුරු විශේෂය කෑගල්ලේ, මාඔය හා රඹුක්කන්ඔය ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.
පැහැදිලි නිශ්චල ජලයේ බිත්තර දමන මෙම මදුරුවා, කිසිදු මරුදු නාශක ද්‍රව්‍යයකින් හෝ දූමායනයෙන් විනාශ නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. ගලිගමුව, තැලිගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් හමුවී ඇති මැලේරියා රෝගීන් සිව් දෙනා විදුලිබල මණ්ඩලයේ සේවය සඳහා පැමිණි ඉන්දීය කම්කරුවන් පිරිසකි.