ඉන්ෆොටෙල් තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ ජාතික හවුල්කරු ICTA

(කොළඹ, ලංකාපුවත්) – 2018 ඉන්ෆොටෙල් ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය සදහා මෙවරත් නිල ජාතික හවුල්කරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලන විසින් වාර්ෂිකව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

26 වන වරට මෙවර පැවැත්වෙන ප්‍රදර්ශනයේ තේමාව වනුයේ ඩිජිටල් ආර්ථිකයක් යන්නයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන නොවැම්බර් මස 2දා සිට 4දා ප්‍රදර්ශනය පැවැත්වේ.

මේ සදහා වන නිල අනුග්‍රහකත්වය දැක්වීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා සහ ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධානී ලාල් ඩයස් යන මහත්වරුන් විසින් කොළඹදි සිදු කරන ලදී.

එහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා සදහන් කළේ කෘෂිකාර්මික සංචාරක සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත ඇතුළු මෙරට ආර්ථිකයේ ප්‍රමුඛ අංගයන් ඩිජිටල්කරණයට ලක්කරමින් සිටින බවත් මෙවැනි ප්‍රදර්ශන සුදානම් කිරීම තුලින් එවැනි කටයුතු ජවසම්පන්නව පෙරට යෑමට රුකුලක් වන බවයි. මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා සදහන් කළේ මෙරට ජාතික ආර්ථිකයේ වර්ධනයට මෙන්ම තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉහල යෑමට මෙවැනි ප්‍රදර්ශන පැවැත්වීම වැදගත් වන බවයි.

ප‍්‍රදර්ශන සහ වෙළද කුටි 200 කින් පමණ මෙවර ප්‍රදර්ශනය සමන්විත වන අතර නරඹන්නන් ලක්ෂයක් පමණ මෙවරත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

www.infotel.lk අඩවියට පිවිසීමෙන් මේ පිලිබද වැඩි විස්තර දැනගත හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *