ගෝඨාභය රාජපක්ෂ ඇප මත මුදා හරියි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

ඒ මහාධිකරණයේදී අධිචෝදනා භාරදෙමින් රුපියල් ලක්ෂයක මුදල් ඇප හා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අද (10) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

එසේම මොවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරිමටද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *