උතුරේ ඉන්දීය පවුල් පදිංචිය ගැන වාර්තා අසත්‍යයි

(කොළඹ, ලංකාපුවත්) –උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් නැදුන්කර්නි ගම්මානයේ ඉන්දීය පවුල් 250 ක් පදිංචිකර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබේ.

මෙරට කිසිදු ප්‍රදේශයක එවැනි වූ විදේශිකයින් හෝ විදේශීය පවුල් පදිංචිකර නොමැති බව එම නිවේදනයේ දැක්වේ.

මේ වනවිට ගැටුම් පැවති සමයේ ඉන්දියාවේ රැකවරණය පතා ගිය ශ්‍රී ලාංකිකයින් 10675 දෙනෙකු එම ගැටුම් අවසන් වූ පසු 2009 වර්ෂයේ දී සිය කැමැත්තෙන්ම ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙම පුද්ගලයින් සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් වන අතර පුරවැසි භාවය තහවුරුකර ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *