සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) –සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව කි‍්‍රයාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවීය.

ශ‍්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව කි‍්‍රයාත්මක කරනු ලබන අතර, සිරකරුවන් උදෙසා වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප‍්‍රජා සත්කාර දියත් කිරීම මෙමඟින් සිදු වේ.

ශ‍්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් ආර්. ඒ. ඩී. සිරිසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප‍්‍රථම කොඩිය පැලඳ වූ අතර අධිකරණ අමාත්‍ය තළතා අතුකෝරල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 8 =