ඉන්දියාවේ බස් රථ අනතුරකින් 55ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දියාවේ සිදුවූ බස් අනතුරකින් 55 දෙනෙකු මියගොස් තිබේ. අනතුර සිදුව ඇත්තේ බස් රථය ප්‍රපාතයකට පෙරලීමෙනි.

ඉන්දියාවේ තෙලංගනා ප්‍රදේශයේ දී සිදුවු අනතුරින් තවත් පිරිසක් තුවාල ලැබූහ.

වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මගීන් 60 දෙනෙකුට අධික පිරිසක් එහි සිටි බව සදහන් වේ.

ප්‍රාදේශීය මාර්ග ප්‍රවාහන අංශයට අයත් බස් රථය, කොණ්ඩගට්ටු සිට ජග්සල් දක්වා කඳුකර ප්‍රදේශයක පිහිටි ආගමික ස්ථානයකට ධාවනය වෙමින් තිබිය දී අනතුර සිදුවිය. නියමිත ප්‍රමාණයට වඩා මගීන් බස් රථයේ ගෙන යාම අනතුරට හේතුවකි. එහි තිරිංග ක්‍රියාත්මක නොවීමෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *