ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් මහකොමසාරිස්වරිය අගයයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රජය විසින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය වන මිචෙල් බැචලට් මහත්මිය විසින් අගය කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිවාරය අමතා ප්‍රථම වරට කථා කළ නව මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ “සංහිඳියා යාන්ත්‍රණ ඇතිකිරීම සඳහා බලධාරීන්ගේ මැදිහත්වීම තරමක් සෙමෙන් සිදුවුවද, ප්‍රවිචරණ ක්‍රියාවලිය සහ ආයතනික ශක්‍යතා වර්ධනය සඳහා ගනු ලැබ ඇති පියවර අගය කළ යුතු බවය.

“අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට පිළිතුරු සැපයීමට අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. හානිපූර්ණ කාර්යාලය පිහිටුවීම සඳහා වූ නීතිය ද සම්මත කරගැනීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා.

වගවීම සහතික කිරීම සහ සත්‍යය සෙවීම සඳහා වන වැඩපිළිවෙළෙහි ප්‍රගතියක් ඇති කරගැනීම දීර්ඝ කාලීන වශයෙන් රට තුළ ස්ථාවරභාවය සහ ප්‍රගතිය ඇති කරගැනීම සඳහා වැදගත් වනවා.” යනුවෙන් මිචෙල් බැචලට් මහත්මිය ප්‍රකාශ වැඩිදුරටත් ප්‍රකාශක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *