ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය ඉදිරියට එයි

(කොළඹ, ලංකාපුවත්) – නවතම අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් කණ්ඩායම් අතර සිව්වන ස්ථානයට පැමිණීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

ඒ ඉන්දීය කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය හතරට එකක් ලෙස ජය ගැනීමත් සමඟ යි.

තරඟාවලිය ආරම්භයේදී ප්‍රසාද ලකුණු 97 ක් සමඟින් එංගලන්ත කණ්ඩායම පස්වන ස්ථානයේ පසුවිය.

කෙසේවෙතත් තරඟාවලියේදී දැක්වූ දක්ශතා හේතුවෙන් ඔවුන් සිව්වන ස්ථානය දක්වා පැමිණීමට සමත්ව ඇති අතර ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 105 ක් වේ.

ඒ අනුව මේ දක්වා සිව්වන ස්ථානයේ පසු වූ නවසීලන්ත කණ්ඩායම පස්වන ස්ථානයට පත්ව ඇත.

ඉන්දීය කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි පළමුවන ස්ථානයේ තවදුරටත් පසු වන අතර දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේත් ඔස්ට්‍රේලියාව තෙවන ස්ථානයේත් පසු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *