චීනයේ පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් 09ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ හෙන්යැන්ග් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හෙන්යැන්ග් නගරයේ පිහිටි බින්ජියෑන්ග් චතුරශ්‍රය ආසන්නයේදී මෙය සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් 43දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මෝටර් රථයේ රියදුරු හිතාමතාම ද්වේශසහාගත ලෙස මෝටර් රථය එම පුද්ගලයින් දෙසට ධාවනය කර ඇති බවට සැක පළ කෙරේ.

මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න මෙතෙක් ප්‍රකාශ වී නොමැත.

සැකකරු යෑන්ග් සැන්යොං ලෙස හදුනාගෙන තිබේ. ඔහු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට චීන බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.සැකකරුට එරෙහිව මීට පෙර ද අපරාධ චෝදනා පවතින බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *