නාන කාමර උපාංග ඉස්සු සෙබලා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (12) රාත්‍රි පිලියන්දල පොලිස්ථානයේ නිලධාරීන් හට ලද තොරතුරක් මත් සිදුකරන ලද පරික්ෂාවකදී කාලයක සිට සිදුකරන ලද සොරකමක් සොයා ගැනිමට හැකිව ඇත.

මත්තෙගොඩ ඉංජිනේරු රෙජිමෙන්තුවට අනුයුක්තව රාජකාරි කරනු ලබන කර්නල්වරයෙකුගේ රියදුරු ලෙස සේවය කරනු ලබන හමුදා සෙබලෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කර්නල් වරයා ඊයේ රාත්‍රි විවාහ උත්සවයක් සදහා අදාල හමුදා සෙබලා සමග අත්තිඩිය ප්‍රදේශයේ විවාහ උත්සවයක් සදහා සහභාගි වි ඇත.

පසුව මෙම සෙබලා විසින් කර්නල් වරයා එම ස්ථානයේ බස්සවා නැවත එම කාර් රථයෙන් පිලියන්දල ප්‍රදේශය වෙත පැමිණ ඇත එම අවස්ථාවේදි පිලියන්දල අංක 73 මිරස්වත්ත ලිපිනයේ පිහිටා ඇති පුද්ගලික වෙළෙඳ ආයතනය අසලට පැමිණ එම වෙළදසැලෙහි ආරක්ෂක නිලධාරියා විසින් නාන කාමර උපාංග කට්ටල දෙකක් ( වැසිකිලි කොමඩ් 01 සින්ක් 01 ) ලබා දි ඇති අතර එය රැගෙන යන අවස්ථාවේදි පිලියන්දල පොලිස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා මෙලෙස කලක පටන් සිදුකරන්නට ඇති බවට පිලියන්දල පොලිස්ථානයේ නිලධාරීන් විසින් සැකකරනු ලබයි

මෙම වෙළෙඳසැලෙහි හිමිකරු විසින් අවස්ථාවන් කිහිපයකදී මේ සම්බන්ධයෙන් පැමිණිල්ලි කිහිපයක්ම දමා ඇති බවට අනාවරඅණයවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පිලියන්දල පොලිස්ථානය විසින් සිදුකරනු ලබන අතර සැකකරුවන් අද (13) කෑස්බැව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *