බස්නාහිර සැප පුටු ගෙන්වීම ආණ්ඩුකාරවරයාගේ අණින් නවතයි

(කොළඹ, ලංකාපුවත්) – බත්තරමුල්ලේ පිහිටි බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලට අලුතින් ගෙන්වීමට සූදානම් වූ හය ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් පුටු ගෙන්වීම සම්පූර්ණයෙන් අවලංගු කරන බව බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා නියෝගකර ඇත.

ඒ අනුව සඳහන් ලංකාවේ නිෂ්පාදනය කරන හෝ එකලැස් කරන පුටු මිලදී ගැනීමට නියෝග කරන බව ඔහු සදහන් කරයි.

මෙම ආන්දෝලනාත්මක පුටු යෝජනාව සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා කමිටුවක් පත් කළ අතර එහි කමිටුවේ වාර්තාව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ඉකුත් 29 වැනිදා භාර දීමට කටයුතු යොදා තිබුණි.

මෙම පුටුවක මිල බදු නොමැතිව හයලක්ෂ 40,000 ක් පමණ වන බවත් මෙවැනි පුටු 144 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් ආණ්ඩුකාරවරයා අනාවරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *