අනාගතයේ ලෝක ආර්ථිකයට ආසියාවේ බලපෑම ගැන අගමැති පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) –ආසියාව කේන්ද්‍ර‍ර ගනිමින් ඉදිරි දශක කිහිපය තුළ නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා ප්‍ර‍කාශ කළේය. එබැවින් ආසියාන් සංවිධානයට හා ආසියා ආර්ථිකයේ දැවැන්තයන්ට ආසියා දේශපාලනික ස්වරූපය සම්බන්ධව සුවිශේෂී කාර්යයක් පැවරෙන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වියට්නාමයේ හැනොයි නුවර ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ සාකච්ඡා මණ්ඩපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ආසියානු භූ දේශපාලිනක ස්වරූපය යන මැයෙන් එය පැවැත්වුණි.

එහිදී රනිල් වික්‍ර‍සිංහ මහතා වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේ ආසියානු ආර්ථිකයේ අනාගතය රදා පවතින්නේ ඉන්දු ශාන්තිකර නිදහස් නාවුක ගමනාගමනය මත බවයි. ඒ හේතුවෙන් සියලු දෙනා එක්ව පිළිගත් සම්මතයන්ට අනුව නිදහස් සාගර ප්‍ර‍තිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කමද වික්‍ර‍සිංහ මහතා පෙන්වා දුන්නේය. නව ආර්ථික ප්‍ර‍වනතා හමුවේ ආසියා කලාපය මුහුණදෙන අභියෝග සහ ඒවා ජයගැනීම පිළිබදව ද අදහස් පළකෙරුණි.

ආසියාන් සංවිධානය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පුළුල් කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මූලික පියවර ගැනීම සුදුසු බවට ද අවධාරණය කෙරුණි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ සහ ආසියාන් සංවිධානයේ මහ ලේකම් ජොක් හොයි ලිම් යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවේදී ය. ආසියාන් ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම සාකච්ඡාව පැවැත්වුණි. ථේරවාදී බුදුදහම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුකෙරුණි. ථේරවාදී බුදුදහම ප්‍ර‍චලිතව ඇති ආසියාන් සංවිධානයට අයත් නොවන එකම රට ශ්‍රී ලංකාව බවයි රනිල් වික්‍ර‍සිංහ මහතා පෙන්වා දුන්නේය. එම පොදු පදනම මත ආසියාන් රටවල් සමග සමීපව කටයුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. ආසියාන් සංවිධානයේ රටවල් සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන සහ යෞවන ක්ෂේත්‍ර‍යන්හි සබදතා තර කිරීම පිළිබදව ද අදහස් හුවමාරුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − two =