නව සංවර්ධන ගමන්මගකට යොමුවීම ගැන එක්සත් ජනපද විශේෂඥයාගෙන් ප්‍රසංශා

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික වර්ධනයේ දී මානව අයිතිවාසිකම් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම ශ්‍රී ලංකාවට ඉතා යෝග්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුවාන් පැබ්ලෝ බොලොස්කි මහතා පවසයි.

ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවල බලපෑම තක්සේරු කිරීමේ දී ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම්වලට සිදුවන බලපෑම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඒ මහතා පෙන්වා දී ඇත.

එදිනෙදා මූල්‍ය ගැටලුවලට විසදුමක් ලෙස ජනතාව ක්ෂූද්‍ර මූල්‍ය අංශයෙන් ණය ලබා ගැනීම සිදු කරන බවත්, ක්ෂූද්‍ර මූල්‍ය ආයතනවල සැගවුණු අරමුණුවලට හසුවි දිළිඳු ජනතාව බොහෝ ගැටලුවලින් පීඩා විඳින බවත් ඔහු සදහන් කරනු ලැබෙ.

යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

බදු ගෙවීම් පැහැර හැරීම වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නිසි ක්‍රමවේදයක් නොමැති බවත්, එම හිඩැස පියවීමට කටයුතු කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා රජයට උපදෙස් ලබා දී තිබේ. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව නව සංවර්ධන ගමන්මගකට යොමුවීම සම්බන්ධව ද ඔහු ප්‍රසංශා කළේය. සංවර්ධන ව්‍යාපෘතිවලදී මානව අයිතිවාසිකම් තක්සේරු කිරීම පිළිබද නෛතික රාමුවක් පිළියෙළ කිරීම ශ්‍රී ලංකාවට යෝග්‍ය බව ඔහු පෙන්වා දෙයි.

ඒ සඳහා අන්තර් ජාතික ප්‍රමිතීන් ආදළ කර ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුවාන් පැබ්ලෝ බොලොස්කි මහතා ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව සැප්තැම්බර් 03වනදා සිට 11වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. එම සංචාරයෙන් අනතුරුව පසුගියදා ඔහු මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *