ගුවන් නියමුවරියන් විමට සවුදි කාන්තාවන්ට අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – සහයක ගුවන් නියමුවරියන් සහ ගුවන් සේවිකාවන් ලෙස කාන්තාවන් බඳවා ගැනිමට සවුදි අරාබිය තීරණය කර තිබේ. පළමු වරට මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කර ඇත

මේ වන විට කාන්තාවන් දහසක් පමණ අයදුම්පත් යොමුකර තිබීම විශේෂත්වයකි. ශ‍්‍රම බලකාය සදහා කාන්තා සහභාගිත්වය ඉහල නැංවීම මෙහි අරමුණ බව සදහන් ය.

කාන්තාවන්ගේ දායකත්වය ආර්ථික කි‍්‍රයාවලිය සදහා ලබා ගැනීමට සවුදි අරාබිය නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

එසේම මීට මාස කිහිපයකට පෙර සෞදි කාන්තාවන්ට පනවා තිබූ රියපැදවීම තහනම් කිරීමට අදාළ නීතිය ද ඉවත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *