රියදුරු බලපත්‍රයේ තොරතුරු හැඳුනුම්පතට ඇතුළත් කිරීමට යයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික හැඳුනුම්පතට රියදුරු බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කර භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා මට්ටමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

රියදුරු පරික්ෂණ බාහිර ආයතන දෙකකට ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ද සදහන් කළ
ජගත් චන්ද්‍රසිරි මහතා කියා සිටියේ මෝටර් රථ පරික්ෂකවරුන් ලෙස බඳවා ගන්නා සංඛ්‍යාව අඩු කිරිමට ද මෙමගින් අපේක්ෂා කරන බවයි.

මීට අමතරව රියදුරු පුහුණුව ලබාදෙන ආයතන නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙන බවද ඔහු පැවසීය.

නිසි ප්‍රමිතියකින් යුතු රියදුරන් බිහිකර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *