(කොළඹ, ලංකාපුවත්) – 2025 පොහොසත් රටක් බවට පත් කිරීමේ අරමුණින් යහපාලන ආණ්ඩුවේ 2017 අයවැයෙන් යෝජනා වූ පරිදි එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ හෝම් ස්ටේ හරිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.
දෙස් විදෙස් සංචාරකයන් සඳහා හොඳ නවාතැන් පහසුකම් සහිතව නිවසකට යාබදව ඇනෙක්සියක් හෝ සංචාරක සත්කාරක කුඩා නිවහනක් ඉදි කර ගැනීමට නිවසේ සින්නක්කර අයිතිය ඇති අය සඳහා මේ ණය මුදල ලබා ගත හැක.
මෙමගින් ලබා දෙන උපරිම ණය මුදල රුපියල් ලක්ෂ පනහකි. ණය මුදල සඳහා අය කරන ලබන පොලී මුදලෙන් හරි අඩකටත් වඩා ගෙවනු ලබන්නේ රජය විසිනි. බැංකුව විසින් ණය මුදල සඳහා සියයට 13 දශම 5ක පොලියක් අය කර ගන්නා අතර ඉන් සියයට 7 දශම 5 ක් ගෙවනු ලබන්නේ රජය මගිනි. ණය මුදල ආපසු ගෙවීම සඳහා අවුරුදු දහයක කාලයක් ලැබේ.
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශිය සංවර්ධන බැංකුව මගින් ණය මුදල් ලබා ගත හැකි වන අතර එම බැංකුවල ආරම්භ කර ඇති එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා කවුන්ටරයේ සබඳතා නිලධාරියා මගින් සහ ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මගින් වැඩි විස්තර ලබා ගත හැක.
මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරයි.