තමිල්නාඩු ධීවරයින්ට පහරදුන් බවට කරන චෝදනා නාවිකහමුදාව ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) –තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට එල්ල වන චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද නාවික හමුදාව සදහන් කරයි.

තමිල්නාඩු ධිවරයින් පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රහාර එල්ල කර ඇති බවත් මේ හේතුවෙන් ධීවරයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවත් රාමේෂ්වරන් ධිවර බලධාරින් ඉන්දීය මාධ්‍යවෙත පවසා තිබේ.

කෙසේ නමුත් මෙලෙස එල්ල වන මෙම චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසීය.

කෙසේවෙතත් නීති විරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුලුවන ඕනෑම ධිවරයෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 3 =